මෙරට මුළු ආසාදිතයින් 2704ක්..ඊයේ 7ක්

ජූලි 19, 2020

    මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 2704ක්. ඊයේ (18) දිනය තුළ දී නව ආසාදිතයින් හත්දෙනෙක් හඳුනා ගැනිණ. ඉන් පස් දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් වෙයි.

    ඔවුන්ගෙන් සිව්දෙනෙක් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්. එක් අයෙක් ලංකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මේ අතර, සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවූවෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

    ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්ව සිටි අයයි.

    නිරෝධායනට ලක්වෙමින් සිටි පිලිපීනයේ සිට පැමිණි අයෙක් ද කොවිඩ්-19 ආසාදිතයෙක් ලෙස ඊයේ හඳුනාගැණුනි.

    Latest News