බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ශ්රී ලාංකික බෞද්ධ ජනතාව විසින් වසර 2300කට අධික කලක් ආරක්ෂා කළ ත්රිපිටකය ශ්රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත් කිරීමේ ජාතික මහා පුණ්යෝත්සවය මාතලේ අලුවිහාරයේ දී පැවත්වේ.
මහානායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝයා වහන්සේලා 1500 නමකගේ සහභාගිත්වයෙන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් මෙන්ම පූර්ණ රාජ්ය අනුග්රහය ඊට හිමිව තිබේ.