මෙහි ඉදිකිරීම් චීන සමාගමක් විසින් සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියට අලුතින්ම එකතුවන දුම්රිය මාර්ගය මෙයයි. එමෙන්ම, මෙරට යෝජිත පළමු දුම්රිය මාර්ගය මෙය වීම ද විශේෂත්වයකි. මෙම දුම්රිය මාර්ගයේ නාකුට්ටිය ප්‍රදේශයෙන් මීටර 606ක් පළල උමං මාර්ගයක් ද ඉදිකෙරේ.
එහි දිග කිලෝමීටර 26කි. එය මෙරට ඉදිවන දිගම උමං මාර්ගය ද වනු ඇත. මෙම සමස්ත ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 978කි. කැකුණාදුර, බඹරැන්ද සහ වැවුරුකන්නල යන ප්‍රදේශවල දුම්රිය නැවතුම් ස්ථාන ඉදිකෙරේ. ප්‍රතිපාදන චීන එක්සීම් බැංකුව මගින් සැපයේ.