කොරෝනා ආසාදිතයින් 2782ක් වෙයි

ජූලි 27, 2020

    මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2782ක් ලෙස ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ, ඊයේ (26) දිනයේ තවත් ආසාදිතයින් 12 දෙනෙක් හමුවීමත් සමඟින්ය.

    ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින අය අතරින් වාර්තා වූ අයයි.

    ඒ අනුව සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5ක්,කටාර් සිට පැමිණි 4ක් සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් 3ක් ලෙස මෙම ආසාදිතයින් වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

    මේ වන විට වාර්තා වන සියලුම ආසාදිතයින් නිරෝධායනයට ලක්වෙමින් සිටින අය අතරින් වාර්තා වන අතර බාහිර සමාජයෙන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බව ද සදහන් වේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 12:11

    Latest News