පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා නිකවැරටිය පොළ භූමියේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. එම ජනහමුව සංවිධාන කරන ලද්දේ, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින්. මේ අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝරත්නය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එතුමාට සෙත් ප්‍රාර්ථනා කළේය. පෙරපාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ඉහළින් අගය කරමින් පෙරපාසල් ගුරුවරියන් පිරිසක් මෙහිදී කියා සිටියේ, එය දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට ගත් දැවැන්ත පියවරක් බවයි.
නිකවැරටිය ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස සිසුන් පිරිසක් කළ ඉල්ලීම වහාම ඉටු කරන ලෙස ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.