පුරාවිද්‍යා උරුමයන් ආරක්‍ෂා කිරීමට උපදේශක කමිටුවක් (වීඩියෝ)

ජූලි 29, 2020
  • පුරාවිද්‍යා උරුමයන් ආරක්‍ෂා කිරීමට සහය ලබාගැනීමේ අරමුණින් උපදේශක කමිටුවක් පත්කර තිබේ.

    බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කමිටුව පත්කර ඇත.

    පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම, විශේෂ ව්‍යාපෘති සඳහා උපදෙස් ලබාගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය, පුරාවිද්‍යා ස්ථාන නිරීක්‍ෂණය සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහය ලබාගැනීම උපදේශක කමිටුව විසින් සිදුකරනු ලබයි.

    උපදේශක කමිටුවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, රුවන්වැලි සෑ විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන, පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද, පූජ්‍ය ඇලිකේවෙල සීලානන්ද, අස්ගිරි පාර්ශවයේ බෙලිගල්කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටිගල්ඔළුවේ විමලරතන, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, ආචාර්ය පුජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර යන ස්වාමීන් වහන්සේ සහ හිටපු පුරාවිද්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ටී.ජී. කුලතුංග, ආචාර්ය ගාමිනි විජේසුරිය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිමල් ද සිල්වා, විද්‍යාජෝති, ඉංජිනේරු ගැමුණු සිල්වා, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග, වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ද වෝස්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, ඩබ්.එම්.එස්. වීරසේකර, සිරිනිමල් ලද්දුසිංහ, මහාචාර්ය මුණිදාස පත්මසිරි රණවීර යන මහත්වරුන් එම කමිටුවට ඇතුලත්.

    උපදේශක කමිටුවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණේ අරලියගහ මන්දිරයේදී.

    Last modified on බදාදා, 29 ජූලි 2020 20:12

    Latest News