තවත් ආසාදිතයින් 48කට සුවයි

අගෝ 01, 2020

    කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු ආසාදිතයින් ගණන 2439ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2815 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    තවත් ආසාදිතයින් 365 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 14:35

    Latest News