මෙය පසුගිය 2020 ජූනි මාසයේ වාර්තා කළ ඩොලර් මිලියන 1,020 ක සහ 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඩොලර් මිලියන 999ක අපනයන ආදායම් අගයයන් ඉක්මවා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92% කින් හා වාර්ෂික පදනම මත 6.10% කින් වර්ධනය වී තිබේ.
තවද 2020 වසරේ මුල් මාස 07 තුළ මේ අනුව ශ්රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඩොලර් මිලියන 5,747 කි.
මේ අතර ශ්රී ලංකාවට 1977 දී විවෘත ආර්ථික ප්රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට 2020 ජූනි මාසයේ දී මෙරට අපනයන ආදායම, ආනයන වියදම ඉක්මවා ගියේය.