කිරිඇල්ල අමාත්‍යවරයාට “ශාසනමාමක ජනප්‍රසාදනී“ ගෞරව සම්මානය

ඔක් 21, 2018

    අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා “ශාසනමාමක ජනප්‍රසාදනී“ ගෞරව සම්මානයෙන් ඊයේ පිදුම් ලැබීය.

    ඒ, අමාත්‍යවරයා සිදු කළ ආගමික හා සමාජයීය මෙහෙවර අගයමිනි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අමාත්‍යවරයාට සුබපැතුම් පිරිනැමීමට එක්විය.

    මේ උත්සවය මහනුවර අස්ගිරි මහා විහාර උපෝසථාගාරයේදී උත්සවය පැවැත්විණි.

    අමාත්‍යවරයාට ගෞරව නාමය සහිත සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබුවේ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් විසිනි.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Latest News