තවත් අමාත්‍යංශ 3කට නව ලේකම්වරු (වීඩියෝ)

අගෝ 14, 2020
  • වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු පත්කර තිබේ.

    අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

    ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

    01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා - අධිකරණ අමාත්‍යාංශය

    02- යූ.ඩී.සී. ජයලාල් මහතා - වරාය හා නාවික අමාත්‍යාංශය

    03- මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:07

    Latest News