2030 වනවිට ඉන්ධනවලින් තොර විදුලිය (වීඩියෝ)

අගෝ 15, 2020
  • 2030 වනවිට ඉන්ධන භාවිතයෙන් තොරව පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය උත්පාදනය සඳහා තමාට ලබාදී ඇති වගකීම ඉටු කරන බව, සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කලේ, අනුරාධපුර තිරප්පනේ, පෑතිස්රඹෑව ප්‍රදේශයේ පුද්ගලික සූර්යබල විදුලිය බලාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්. මෙමගින් ඉදිරියේ දී මෙගාවොට් 2ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි. අක්කර 10ක් මෙම බලාගාර භූමියට අයත්. සූර්යබල විදුලි උත්පාදක පැනලවලට පහළින් භූමිය යටි වගාවක් ලෙසින් නවීන තාක්‍ෂණය භාවිත කරමින් කෘෂි බෝග වගා කර තිබේ. බෝග වර්ග 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම හරිතාගාරය තුළ දැකගත හැක.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:04

    Latest News