රු. කෝටියකට අධික වල්ලාපට්ටා සහ සුදු හඳුන් රේගු දැලේ

අගෝ 15, 2020

    ඩුබායි වෙත යැවීමට සූදානම් කර තිබූ රුපියල් කෝටියකට අධික වල්ලාපට්ටා සහ සුදු හඳුන් තොගයක් සිය බාරයට ගැනීමට රේගු නිලධාරීන් සමත්ව තිබේ.

    ඒවා, අසුරා තිබූ කන්ටේනර් රථය සොයා ගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවයි. කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් වල්ලාපට්ටා සහ සුදු හඳුන් තොගය දිවයිනෙන් පිටත්කර හැරීමට සූදානම් කර තිබූ බව හෙළි වී ඇත. පලතුරු යවන මුවාවෙන් මෙම නීති විරෝධි කටයුත්ත සිදුකර ඇති අතර, කන්ටේනර් රථයේ තිබී වල්ලාපට්ටා කිලෝ 120ක් හා සුදු හඳුන් දැව කොටස් කිලෝ 120ක් සොයා ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව රෝගු නිලධාරින් පවසයි.

    Latest News