නව අමාත්‍යවරුන් පිළිගැනීම් දිවයින පුරා (වීඩියෝ)

අගෝ 15, 2020
  • නව අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව විවිධ ප්‍රදේශවල සංවිධාන කර තිබේ.

    එවැනි උත්සව කිහිපයක් අදත් පැවැත්විණ.

    නව රජයේ කම්කරු අමාත්‍යවරයා වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් බදුල්ල පුරහලේ දී අද පැවැත්විණ.

    වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා පානදුර ජනතාව ද උත්සවයක් සංවිධාන කර තිබිණ. ඒ, හොරේතුඩුව නගරයේදී. ඔහු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසු පානදුරට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

    ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පිළිගැනීමේ උත්සවයක් මහියංගන නගරයේ දී පැවැත්විණ. එය සංවිධාන කර තිබුණේ මහියංගනය ජනතාවයි.

    නව රජයේ වැවිලි අමාත්‍යාංශය පැවරී ඇත්තේ රමේෂ් පතිරණ මහතාටයි. ඒ මහතා පිළිගැනීමේ උත්සවයක් ගාල්ල නගරයේදී පැවැත්විණ. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ද එක්ව සිටියහ.

    ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ද මහනුවර ජනතාව මහත් හරසරින් පිළිගනු ලැබීය.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීමේ උත්සවයක් හෝමාගම අනගාරික ධර්මපාල පිළිරුව අභියසදී පැවැත්විණ.

    Last modified on සෙනසුරාදා, 15 අගෝස්තු 2020 20:13

    Latest News