අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම හෙට (වීඩියෝ)

අගෝ 26, 2020
  • හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

    එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ රජයේ වියදම්
    සඳහා සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

    රුපියල් බිලියන 1,747ක් අනුමත කර ගැනීම සඳහා එම අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය හෙට සහ අනිද්දා (28) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

    පෙරවරු 9.30ට සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ අතුරු සම්මත ගිණුමට අදාළ විවාදය පැවැත්වෙන බව සඳහන් වේ.

    මෙම වියදම් පියවා ගැනීම සඳහා දේශීය හෝ විදේශීය ආයතනවලින් රුපියල් බිලියන 1,300ක් ණය ලබා ගැනෙනවා. තවත් බිලියන 750ක් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් උපයා ගැනෙනවා.

    Last modified on බදාදා, 26 අගෝස්තු 2020 20:02

    Latest News