කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,842ක්

අගෝ 29, 2020

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,842 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින්නේ 135 දෙනෙකු පමණි. කොවිඩ්-19 රෝගය වැළඳුණු තිදෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගනු ලැබීය. ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණි අයයි. කොවිඩ්-19 රෝගය වැළඳුණු 2,842ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර, එම ප්‍රතිශතය 95.08ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසේ ප්‍රතිශතය 4.51ක්.

    Latest News