බිඳවැටුන ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයක්

අගෝ 29, 2020

    කොවිඩ් - 19 නිසා බිඳ වැටුන ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක් සිදුකිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    කොවිඩ් - 19 වසංගතය නිසා අසීරුතාවට මුහුණ දුන් ව්‍යාපාරිකයන්ට ඒ සම්බන්ධව දැනුම් දියහැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් අයදුම්පත්‍රයක් ඔන්ලයින් ක්‍රමයට පුරවා අදාළ තොරතුරු ලබාදිය හැකියි.

    වසංගතය නිසා ඇති වී ඇති ගැටලු මගහරවා ගනිමින් දිගු කාලීන විසඳුම් හා ප්‍රතිපත්ති සකස්කිරීම මෙහි අරමුණයි.

    නිවැරදි දත්ත ලබා ගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.

    මේ වන විටත් ක්‍රියාත්මක අදාළ සමීක්ෂණයට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු දිය හැකියි.

    Latest News