වියළි කාලගුණයෙන් ලක්ෂ 2 ට වැඩි පිරිසක් පීඩාවට

අගෝ 29, 2020

    මාස 5 ක් තුළ වියළි කාලගුණයෙන් දෙලක්ෂ තිස් දෙදහසකට පීඩා වියළි කාලගුණයෙන් දෙලක්ෂ තිස් දෙදහසකට පීඩා ඇතිව තිබේ.

    ගතවූ මාස 5 ක කාලය තුළදී වියළි කාලගුණය හේතුවෙන් පවුල් 69, 571ක පුද්ගලයින් දෙලක්ෂ 32 , 423 දෙනෙකුට ඉන් බලපෑම් එල්ලවී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ වියලි කාලගුණය හේතුවෙන් අදාළ කාලය තුළ දිස්ත්‍රික්ක 10 කට බලපෑම් එල්ලවී ඇති බවයි.

    කුරුණෑගල, මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට, පොළොන්නරුව, මුලතිව්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම මෙන්ම වව්නියාව දිස්ත්‍රික්ක වලට ‍වියළි කාලගුණයෙන් බලපෑම් එල්ලවී තිබේ.

    වැඩිම බලපෑම් එල්ලවී ඇත්තේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයටය.

    එහි පවුල් 27,681 කට අයත් පුද්ගලයින් 89,268 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    Latest News