නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් ජලයෙන් යට “MT New Diamond” නෞකාවේ පිහිටි බඳ ප්‍රදේශය ඊයේ (11) පරීක්‍ෂා කිරීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.
නෞකාවේ පිටුපස ප්‍රදේශයේ වම් පසින් ජල මට්ටමට මීටර් 19.3 ක් පමණ පහලින් හා දකුණු පසින් ජල මට්ටමට මීටර් 16 ක් පමණ පහලින් වූ, නෞකාව තුළට මුහුදු ජලය ලබා ගන්නා විවරයන් දෙකකට (Sea water inlet) සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියට හානි වී ඇති බව එහිදී හඳුනාගෙන තිබේ.
මෙහිදී නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළ ට ගන්නා විවරයට (Sea water inlet) සම්බන්ධ හානි වූ අභ්‍යන්තර නළ පද්ධතිය තුළින් දැවි තෙල් මිශ්‍රිත ජලය මුහුදට කාන්දුවෙමින් පැවතීම හේතුවෙන් කඩිනමින් එම විවරය සම්පූර්ණයෙන් වසා දැමීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.