මතට ලොල්වූවන් පුනුරුත්ථාපනයට ජාතික සැලැස්මක්

සැප් 12, 2020

    මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කමිටුවක් පත්කර තිබේ.

    මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩි තදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇති වෙමින් පවතින සමාජ ව්‍යවසනයත් සඳහා විසදුම් සෙවීමට පුනරුත්ථාපන කටයුතු අරමුණුකරගත් මූලෝපායික සැලසුම්වලින් යුතු පුළුල් ජාතික සැලස්මක් මෙම කමිටුව මගින් සකස් කෙරෙනු ඇති.

    අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍යලක්නාත් වෙලගෙදර මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය, ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යා පන රාජ්‍ය අමාත්‍යංශය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය, ශ්‍රී ලංකා මානසික විද්‍යාඥයින්ගේ විද්‍යාලය, මධ්‍යසාර සහ ඖෂධ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය, ආයතනවල නියෝජිතයන් ඇතුළත් වෙයි.

    Latest News