මංතීරු නීතිය කඩ කළොත් දඩය රුපියල් 2000 යි (වීඩියෝ)

සැප් 16, 2020
  • මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන් හෙට (17) සිට දඩ අය කරන බව, පොලීසිය පවසයි.

    රථ වාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මංතීරු නීතිය කඩකරන රියැදුරන්ගෙන්, රුපියල් 2,000ක දඩයක් අය කරන බවයි.

    මේ අතර, ක්‍රියාත්මක මංතීරු නීතිය පිළිබඳ සොයා බැලීමට යුද හමුදා පොලීසිය යොදවා තිබේ.

    පොලීසිය පැවසුවේ, තෝරාගත් ස්ථාන 20 ක යුද හමුදා පොලිස් නිලධාරීන් අනියුක්ත කර ඇති බවයි.

    මීට අමතරව මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල තත්ත්වයන් අධ්‍යනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා සහිත කණ්ඩායම් 04ක් ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවේය.

    මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී කරගැනීමට කටයුතු කරන බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 20:31

    Latest News