රාජ්‍ය සේවයේ පත්වීම් නොලැබුණු පුද්ගලයින්ගේ අභියාචනා සළකා බැලේ

සැප් 16, 2020

    රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේදී පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සළකා බැලීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, එම අභියාචනා භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ බවයි.

    අභියාචනා සළකා බැලීම විශේෂ කමිටුවක් හරහා සිදු කෙරෙනු ඇති.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට භාර දී ඇති අභියාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නැයි උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය.

    ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ එම අභියාචනා සළකා බැලීම සති දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

    රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධීධාරීන් 50,000 කට පුහුණුව ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ.

    අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    Latest News