දේශීය කර්මාන්තකරුවන් රැකගැනීම, වාණිජ බැංකුවල විශාල කාර්යක්; අගමැති (වීඩියෝ)

සැප් 16, 2020
  • දේශීය කර්මාන්තකරුවන් රැකගැනීම සඳහා වාණිජ බැංකුවලට විශාල කාර්ය බාරයක් ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    බත්තරමුල්ල දියන උයන පරිශ්‍රයේදී අද ඇරඹුණු “ශිල්ප තර්ස්ට් ඩේ“ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

     

    අද සහ හෙට පැවැත්වෙන ප්‍රදර්ශනය පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා විවෘතයි.  ඉන් පසු සෑම සතියකම බ්‍රහස්පතින්දා ශිල්ප තර්ස්ට් ඩේ ප්‍රදර්ශනය පැවැත්වේ.  දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළක් සකසාදීම අරමුණයි.  එය ක්‍රියාවට නංවන්නේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ශිල්ප සභාවයි.

     

    වත්මන් රජය දේශීය කර්මාන්ත රැකගැනීම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමුකර ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 19:59

    Latest News