හෘදයට නැවත පණදීමට කෙරෙන ප්‍රතිකාරයක් ලෙස සීපීආර් ලබාදීමේ යාන්ත්‍රික ක්‍රමයක් මේ ඔස්සේ හඳුන්වා දී තිබේ.
මෙම නිර්මාණයට නව නිපැයුම්කරුවන්ගේ සංගමය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අනුමැතිය ද ලැබී තිබේ.
මෙය, අනාගතයේ දී රෝහල්වලට හඳුන්වාදීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේය.
කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ෂෙනාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.