ලක්ෂ 8ක කහ තොගයක් මාර්ග බාධකයේ දී සොයාගැනේ

සැප් 24, 2020

    නීති විරෝධී ලෙස ප්‍රවාහනය කෙරෙමින් තිබූ කහ සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම් සිදු කරනු ලැබ ඇත්තේ,මන්නාරම යුද හමුදා භට පිරිසක් විසින්. මැදවච්චිය - මන්නාරම මාර්ගයේ සිදු කෙරුණු සෝදිසියක දී කුඩා ලොරි රථයක තිබී රුපියල් ලක්ෂ 8කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 205ක් සොයාගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

    මේ අතර, කුන්චිකුලම් මාර්ග බාධකයේ සිදු කෙරුණු තවත් සෝදිසියක දී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔවුන් සන්තකයේ තිබී රුපියල් මිලියන 20කට අධික කේරළ ගංජා කිලෝ 104ක් සොයා ගැනුණු බවයි, වාර්තා වන්නේ.

    Latest News