විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මුල්‍ය වංචා පිළිබඳ අතුරු කමිටු වාර්තාවක්

සැප් 24, 2020

    2015 - 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සකස් කළ අතුරු කමිටු වාර්තාව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත භාරදී තිබේ.

    අදාළ කාලය තුළ කාර්යාංශයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතීඥ රඛිත අබේගුණවර්ධන, නීතීඥ දුෂ්මන්ත තොටවත්ත සහ නීතීඥ තුෂාරි සූරියආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

    රන්පියාපත් වැඩසටහන, සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ලබාගත් වාහන, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සභාපතිවරයාට සුඛෝපබෝගි මෝටර් රථයක් මිලදී ගැනීම, දේශපාලන කටයුතු වලට නිලධාරීන් සම්බන්ධ කරගැනීම පිළිබඳව ගත් ක්‍රියාමාර්ග, අධීක්ෂණ මන්ත්‍රී ගාල්ල ප්‍රදේශයේ කාර්යාංශ ශාඛාවක් ආරම්භ කිරීම යන කරුණු වලට අදාළව එම කමිටු වාර්තාව සකස් කර ඇති බව සඳහන් වේ.

    එම වැඩසටහන් හේතුවෙන් පසුගිය කාලය තුළ රුපියල් මිලියන138ක් පාඩු රජයට සිදුව තිබේ.

    එම මුදල් නැවත රජයට ලබාගැනීම සඳහා මෙම වාර්තාව ලේකම්වරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News