දික්ගල් යායට වනඅලි තර්ජනය උග්‍ර වෙයි

සැප් 28, 2020

    වැල්ලවාය දික්ගල් යායට වනඅලි තර්ජනය උග්‍ර වෙයි.ගම්වැදුනු වනඅලි නිවාස රැසක් විනාශ කර වගාවන් ද විනාශ කර දමයි.

    වැල්ලවාය, ඇතිලිවැව දික්ගල් යාය ගම්මානයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී තිබේ.

    මෙලෙස ගම්වැදුනු වනඅලි විසින් ගම්මානයේ නිවාස දහයකට ආසන්න ප්‍රමාණයක් පසුගිය දින කිහිපයතුල විනාශ කර ඇති අතර එම නිවාස අතර නිවාස දෙකක් පූර්ණ වශයෙන්ම විනාශ වී ඇත.

    ගම්වැදී වනඅලි නිවාස වල ඇති වී, බඩඉරිඟු ඇතුළු ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම සදහා මෙලෙස නිවාස වලට පහරදීමට හුරු වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

    නිවාස වලට අමතරව ප්‍රදේශයේ වගා කර තිබූ භව භෝග රැසක් ද වනඅලි විනාශ කර දමා ඇති අතර එම නිසා ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ද සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ.

    ප්‍රදේශය හරහා විදුලි වැටක් ඉදිකර තිබුන ද එය නිසි නඩත්තුවක් සහ අවශ්‍ය තරම් විදුලිය ද නොමැති බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරති.

    වසර ගනනාවක් තිස්සේ මෙම වනඅලි තර්ජනය පවතින බවත් මේ දින වල එම තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරන අතර මෙම වනඅලි ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසට ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

    20200927 202409

    20200927 202340

    20200927 202330

    Latest News