මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණ.
මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 130 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව "මංජු" නැමැති සැකකරුවකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරමින් පවතින බව දැනුම් දුන්නේය.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව පිස්තෝල දෙකක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොයා ගත් බවත් ඒවායේ අංක ඔස්සේ විමර්ශන පැවැත්වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.
එහිදී ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ට නිකුත් කළ ගිනි අවියක් බවට කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ.
යුද හමුදාව සතු ගිනි අවියක් මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතර පත් වූයේ කෙසේ ද? යන බරපතළ ප්රශ්නය මේ වන විට පැන නැගී ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා යුධ හමුදාව විසින් එම ගිනි අවිය නිකුත් කළේ කුමන නිලධාරියාට ද ? එය පාතාල සාමාජිකයින් අතට පැමිණියේ කෙසේද? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවත් සඳහන් කර සිටියේ.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහරිණ ලෙස තමන් විසින් කර ඇති ඉල්ලීමට අදාළ ව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.
ඒ අනුව අදාළ කරුණු ඉදිරිපත් කිරීම ඔක්තෝබර් මස 07 වනදා සිදු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
අනතුරුව සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.