නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝගීන්ට ප්‍රථිකාර කිරීමට වෙන්කෙරේ

ඔක් 07, 2020

    මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් -19 අසාදිත රෝගීන්ට ප්‍රථිකාර කිරීම සඳහා යොදාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    එම රෝහලේ ඇඳන් 400ක් පමණ තිබේ.

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තායතනය ආශ්‍රිතව වර්ධනය වී ඇති කොවිඩ් පොකුර මේ වනවිට ආසාදිතයින් 1022ක් දක්වා වර්ධනය වී තිබේ.

    මේ අතර, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලුම සේවකයින් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බවය.

    Latest News