අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය ඉහළයි

ඔක් 07, 2020

    ඇඟලුම් කම්හලෙන් මේ වනවිට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

    මේ බව අද (07) පැවැති මාධ්‍ය හමුවකදී සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කරනවා.

    වසංගතය මුල් අවදියේ දී පසුවීම හෝ වෛරසයේ වෙනස් හැසිරීම නිසා මෙය මෙසේ වන්නට බොහෝ විට ඉඩකඩ ඇති බවට අනුමාන කළ හැකි බවද වෛද්‍යවරයා කීවේය.

    දැනට හඳුනාගත් සියලු ආසාදිතයින් ආශ්‍රිතයින් ආරක්ෂිත ලෙස නිරෝධායන කටයුතු වලට යොමු කර ඇති බවත් සඳහන් කළ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රෝහල් පද්ධතියේ පහසුකම්ද නිසි ඇයුරින් ඇති බවත් අවශ්‍ය වූවහොත් ඉදිරියෙදී අවශ්‍ය වැඩිපහසුකම් සැළසීමට කටයුතු කරන බවයි.

    Latest News