ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීමට හා පිටවීමට සීමා

ඔක් 07, 2020

    ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දින (7) දහවල් සිට ඇතුළුවීම හා පිටවීම සීමා කර ඇත.

    මේ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සඳහන් කරනවා.

    කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකු කොරෝනා ආසාධිතයකු බවට තහවුරු විම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචි කරුවෙක්.

    නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී රෝග ලක්ෂණ මතු කිරීමත් සමඟ රෝහල්ගත කිරීමේන් පසුව P.C.R පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කරගෙන ඇත.

    තරුණයා ඇසුරු කළ පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40 කට ආසන්න පිරිසක් 7 දින සිට නිවාස 14 ක් තුළ ස්වං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

    මේ සමගම අදාළ ප්‍රදේශ වල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇත.

    Latest News