කාලගුණයෙන් රතු නිවේදනයක් - අද රාත්‍රීයේ සිට වැසි වැඩිවීමක්

ඔක් 10, 2020

    දිවයින හරහා උතුර, උතුරුමැද, දකුණු හා වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද (10) රාතී‍්‍රයේ සිට ඉදිරි දින කිහිපය තුළ වැසි හා සුළං තත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළේ.

    පස්වරු දෙකේ සිට සඳුදා පස්වරු දෙක දක්වා තද සුළං සහ රළු මුහුදු ප‍්‍රදේශ පිළිබදව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

    මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ පිළිබඳව වඩාත් සැලකිලිමත් වියයුතු බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

    Latest News