ශිෂ්‍යත්ව විභාගය හෙට - උසස් පෙළ විභාගය ලබන සඳුදා

ඔක් 10, 2020

    හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්එක්දහස් හයසිය අනුහතරක්.

    විභාග මධ්‍යස්ථාන 2936 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496 ක් ස්ථාපනය කර තිබෙනවා.

    ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ පලමු ප‍්‍රශ්න පත‍්‍රයට වෙන්කර ඇති කාලය පෙරවරු 9.30 සිට 10.30 දක්වා.

    තෝරාගැනීම් තුනකින් යුත් බහුවර්ණ ප‍්‍රශ්න 40 ක් පලමු ප‍්‍රශ්න පත‍්‍රයට ඇතුලත්.

    දෙවන ප‍්‍රශ්න පත‍්‍රය පෙරවරු 11.00 සිට 12.15 දක්වා පැවැත්වෙන අතර, බහුවර්ණ හා කෙටි පිලිතුරු සැපයිය යුතු ප‍්‍රශ්න 60 කින් එය සමන්විත වනවා.

    පෙරවරු 9.00 වනවිට අපේක්ෂකයන් විභාග ශාලාවල අසුන්ගෙන සිටිය යුතුය.

    සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද ක‍්‍රියාත්මක බැවින් පෙරවරු 8.45 වන විට අපේක්ෂකයන් විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

    විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යාහැකි පරිදි පාසලෙන් ලබාදුන් උපදෙස් අනුව දරුවන් රැගෙන යා යුතු බවද දෙපාර්තමේන්තුව දෙමාපියන්ට දැනුම් දෙනවා.

    උසස් පෙළ විභාගය ලබන සදුදා සිට ලබන මස 6 වනදා දක්වා පැවැත්වීමටයි නියමිතයි.

    මධ්‍යස්ථාන 2648 දී අපේක්ෂකයන් තුන්ලක්ෂ හැට දෙදහස් අටසිය විසිහතර දෙනෙකු විභාගයට පෙනී සිටිනවා.

    විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වුවද සියලු අපේක්ෂකයන් පෙරවරු 7.30 වනවිට මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිය යුතු බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස විභාග දෙපාර්තමේන්තුව සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

    Latest News