ඩෙල්ෆ් මුහුදේදී ධීවරයෙකුගේ සිරුරක් හමුවේ

ජන 13, 2019

    Up date -ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුරක් අද (ජනවාරි 13) නාවික හමුදාව විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී සොයා ගෙන තිබේ.

    මොහු ඉන්දියාවේ, රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කරුප්පයියා මුන්නසාමි (55) නැමැති පුද්ගලයෙකු බවට තහවුරු කරගෙන ඇති අතර, මේ වන විට මියගිය ධීවරයාගේ මෘතදේහය කඩිනමින් ගොඩබිම වෙත රැගෙනවිත් යාපනය, පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

    ධිවර යාත්‍ර 02 ක් ගැටේ; පිරිසක් අතුරුදහන් (15.30)

    ශ්‍රී ලංකා මුහුදු සීමාව තුලදී අනතුරට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව විශේෂ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මේ වන විට ඉන්දීය ජාතික ධීවරයින් අට දෙනෙකු (08) මුදා ගෙන ඇත. නාවික හමුදාව මඟින් ප්‍රදේශයේ සෝදිසි කටයුතු කර ගෙන යමින් පවතී. බේරා ගත් ධීවරයන් මූලික වෛද්‍ය ප්‍රථිකාර ලබා දීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

    ශ්‍රී ලංකා මුහුදු තීරය උල්ලංගනය කරමින් ඉන්දියනු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයක් ඊයේ (12) රාත්‍රියේදී ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරත සිටි බව නාවික හමුදාව පවසයි. අනවසර මසුන් ඇල්ලීමේ පිරිස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී එම යාත්‍ර පලාගොස් ඇති අතර ධීවර යාත්‍රා 02 ක් සහ ධීවරයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

    සෙසු ධීවර යාත්‍රා නැවතත් ඉන්දියානු මුහුදු සීමාව දෙසට පලා ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් එකිනෙක ගැටීම නිසා ‍මෙම අනතුර සිදු වී ඇති බවට කරුණු සැලවේ.

    Last modified on ඉරිදා, 13 ජනවාරි 2019 18:45

    Latest News