ද්විත්ව ඇන්ජින් පහසුකම් සහිත මෙම දුම්රිය, නවීන පහසුකම් රැසකින් සමන්විතයි. බලවේග දුම්රිය කට්ටල මාදිලි 6ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබේ.එස්.13 දුම්රිය මාදිලිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එක්වූ නවතම දුම්රිය කට්ටලයයි. මෙයට වායුසමනය කරන ලද මැදිරි දෙකක්, දෙවන පංතියේ මැදිරි දෙකක් හා තුන්වන පංතියේ මැදිරි 5ක් එක්කොට තිබේ. පහසුවෙන් හැසිරවිය හැකි ආසන මෙන්ම, ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් ද මීට එක්කොට තිබීම විශේෂත්වයක්.
ජී.පී.එස්. තාක්ෂණය මගින් දුම්රියේ ගමන් මග ද නිරීක්ෂණය කළ හැකියි. ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මේ ආකාරයේ ප්‍රථම දුම්රිය මෙය වන අතර ඉදිරියේ දී තවත් දුම්රිය කිහිපයක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට නියමිතයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් අද උදේ මෙම දුම්රියෙන් යාපනය බලා පිටත්වූහ.