අලියා වෙහෙරගල රක්ෂිතයේ සිට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. කැකිරාව, ගනේවල්පොල හා රිටිගල අඩවි වනජීවී කාර්යාලවල නිලධාරීන් පැමිණ සිදුකළ පැය 7ක පමණ මෙහෙයුමකින් පසු, අලියා ගොඩගෙන වෙහෙරගල රක්ෂිතයටම මුදා හැරීමට කටයුතු කළහ. අලියාගේ වයස අවුරුදු 15ක් පමණ වන අතර, අඩි නවයහමාරකි. අනාරක්ෂිත වගා ළිංවලට වන අලි වැටීම බරපතල ගැටලුවක් බව වන ජීවී නිලධාරීහු පවසති.