වීරඟුල සිසුන් මත්කළ බොරු දොස්තර මාට්ටු

ජන 15, 2019

    පාසල් දරුවන් ඉලක්ක කර අධික මාත්‍රාවෙන් යුත් වේදනා නාශක පෙති අළෙවි කළ පුද්ගලයෙක් ගම්පහ වීරගුල ප්‍රදේශයේ දී නීතියේ රැහැනට හසුකර ගැනේ.

    සැකකරු, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක සිට අදාළ බෙහෙත් ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ගම්පහ වීරඟුල ප්‍රදේශයේ මහා විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් සිහිසුන්ව මහමඟ වැටී සිටියදී වීරඟුල පොලිසිය විසින් ඔවුන් රෝහල්ගත කර තිබේ. සිසුන්ට පියවි සිහිය ලැබීමෙන් පසු ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත වීරගුල පොලිසිය මෙම ව්‍යාජ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී මත්පෙති සහ වේදනා නාශක පෙති විශාල ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබේ.

    මෙම ව්‍යාජ වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට මෙලෙස පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් මත්පෙති අළෙවි කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති. සැකකරු තමාට ආයුර්වේද වෛද්‍ය සහතිකයක් හිමි බව, පෙන්වුවද එම සහතිකයේ නිරවද්‍යතාව පිළිබඳව තවමත් පරීක්‍ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි. සැකකරුට බටහිර වෛද්‍ය විද්‍යාව යටතේ ඖෂධ අළෙවි කිරීමේ නීත්‍යානුකූල අයිතියක් ද නොමැති බව වීරඟුල පොලිසිය සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 15 ජනවාරි 2019 19:27

    Latest News