මෙරට 24 වන කොවිඩ් මරණය වාර්තාවේ

නොවැ 04, 2020

    කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 79ක කාන්තාවක් ඊයේ (03) දින සිය නිවෙස්දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස අද (04) දී හඳුනාගෙන ඇත.

    මෙම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්වයෙන් පසු වූ බවත්, නිධන්ගත රෝගයෙන් පෙලුන බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වාර්තා වී ඇත.

    මෙම රෝගියා මියයාමට ආසන්නතම හේතුව වශයෙන් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්වයක් ලෙස දැක්වේ.

    මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 24 වන කොවිඩ්-19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

     

    තවද, කොළඹ 13 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් නිවසේ දී සිදුවු ඇද වැටීමකින් හිසට සිදුවී ඇති බරපතල හානි සහිතව 02 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ හේතුවෙන් ඊයේ (03) දින මියගොස් ඇත. අද දින කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

    කෙසේ වුවද මියයාමට බලපෑ ආසන්නතම හේතුව අනුව මෙම මරණය කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස නොසලකන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

    Latest News