දෝහා කටාර් සිට 22ක් මෙරටට

නොවැ 05, 2020

    අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) මෙරටට පැමිණ ඇත.

    එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (05) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය පනස් හය දෙනෙකු (156) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් අනූ දෙදෙනෙකු (92) ද, රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි හත් දෙනෙකු (27) සහ ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් හත් දෙනෙකු (37) වශයෙන් වේ.

    එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (05) දිනය වනවිට පුද්ගලයින් 63,439 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, අද (05) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 2,601 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News