අද (05) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ පහත පරිදි වේ.
-
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මියගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයකින් ද පෙළී ඇත.
-
වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර ඊයේ (04) මියගොස් ඇත.
-
කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ්-19 ආසාදනය නිසා සිදුවූ හෘදයාබාධයකි.
-
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාක් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් සිදුවූ පෙනහලු ආසාදනයකි.
-
කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.