රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා වැටලීම්

නොවැ 06, 2020

    රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    එම වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියා සිටී.

    රජය, සහල් නිෂ්පාදකයින්ට සහ මෝල් හිමියන්ට සහල් අලෙවිය සඳහා පසුගියදා ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කළේය.

    ඒ අනුව, සුදු හෝ රතු කැකුළු සම්බා සහ තම්බන ලද සුදු හා රතු කැකුළු සම්බා සහල් කිලෝවක උපරිම මිල රුපියල් 94ක්.
    තම්බන ලද සුදු සහ රතු නාඩු කිලෝවක මිල රුපියල් 92ක් වේ.
    සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 89ක් නියම කර තිබේ.

    වී අලෙවි මණ්ඩලය මීළඟ කන්නයේ සිට මෙට්‍රික් ටොන් ලක්‍ෂ 3ක් මිලදී ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News