30 වැනි කොරෝනා මරණය වාර්තා වේ

නොවැ 07, 2020

    කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු මිය ගොස් ඇතැයි ඊයේ (06) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී.

    මෙය මෙරට 30 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වේ.

    05 වැනි දින මියගොස් ඇති මෙම රෝගියා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි මෝදර, කොළඹ 15 පදිංචි පිරිමි පුද්ගලයෙකි.

    අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් -19 වයිරසය ආසාදනයවීම මරණයට ‍හේතුව ලෙස දැක්වේ.

     

    මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,000ට ආසන්න වෙයි.

    ඊයේ දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 400 දෙනෙකු වාර්තාවී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

    මෙලෙස වාර්තා වන ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.

    ඊයේ වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9492ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වනවිට රටේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර, සුවය ලබා ඇති සංඛ්‍යාව 7186ක් වේ.

    මේ දක්වා රෝහල් ගතව සිටින පිරිස 5755ක් වනවා.

    අද දිනයට කොරෝනා අසාදිතයන් 400 ක්.

    Latest News