කොවිඩ්19 ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ

නොවැ 11, 2020

    කොවිඩ්19 ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට රජය තීරණය කර තිබේ.

    කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සදහායි මෙම ණය පහසුකම ක‍්‍රියාත්මක වන්නේ. වාර්ෂිකව සියයට හතරක පොළී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක්ද ඇතුලත්ව මාස විසි හතරක් දක්වා ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හදුන්වා දී තිබේ.

    කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි ව්‍යාපාර යථා තත්වයට පත් කරගැනීම දුෂ්කර වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ණය සදහා අදාල සහන කාලය මාස හයේ සිට මාස නවය දක්වා දීර්ඝ කිරිමටයි තීරණය කර තිබේ.

    Latest News