ඉකුත් මැයි 31 වෙනිදා මොරටුව සොයිසා පුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව, මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඩුබායි පොලිසිය මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් අධිකාරිවරයා පැවසීය.
දෙහිවල - ගල්කිස්ස නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනය ඇතුළු අපරාධ රැසකට මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකරු මෙරට පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.