රූපවාහිනී සංස්ථාවේ පළමු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජයතිස්ස මහතා අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 02, 2020

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වූ ජයතිස්ස පතිරණ මහතා අභාවප්‍රාප්ත විය.

    මිය යන විට ඔහු පසුවූයේ 87 වැනි වියේ. ජයතිස්ස පතිරණ මහතා, 1982 වසරේ ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පළමු කාර්ය මණ්ඩලයට ඇතුළත් විය. ඔහු එම වසරේ සිට 1989 වසර දක්වා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කළේය.

    කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.

    දේහය, අද සවස සිට උඩහමුල්ල, සුහද මාවතේ, අංක 187 නිවසේ තැන්පත් කර තැබේ. අවසන් කටයුතු හෙට සවස 5.00ට උඩහමුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    Latest News