තවත් ආසාදිතයින් 487කට සුවයි

දෙසැ 02, 2020

    අද දිනයේ තවත් ආසාදිතයින් 487ක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ් අනූව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් ඇත.

    ඉන් වැඩිම පිරිසක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 157ක් වෙයි.

    මෙරට සමස්ත කොවිඩ් නයින්ටින් ආසාදිතයින් 24,532 දෙනාගෙන් 18,304 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

    තවත් ආසාදිතයින් 6,106 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News