පූර්ණ සුවය ලැබූ තවත් 406ක් රෝහල්වලින් අද පිටව ගියේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 137ක් සුවය ලබා පිටව ගියේය. ඔවුන් කොළඹ, කලුතර, පුත්තලම, කුරුණෑගල, අම්පාර, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.
රඹුක්කන සහ පින්නවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 23ක් සුවය ලබා පිටව ගිය බව කෑගල්ල මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය ප්‍රකාශ කළාය. ඔවුන් කොළඹ, ගම්පහ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.