මාස 5 කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළට ශ්‍රී ලංකන් ගොඩබායි

දෙසැ 07, 2020

    ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද(07) නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා ඇත.

    මෙය පසුගිය ජූලි 10 වෙනදායින් පසු මෙල්බර්න් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය යැයිද ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය අද(07) වාර්තා කළේය.

    මෙලෙස මෙල්බර්න් ගුවන්තොටුපළට බස්සවා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 604 දරණ ගුවන් යානයයි.

    මේ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට අයත් ජාත්‍යන්තර ගුවන්යානා 8 ක් මගින් ගුවන් මගීන් 253 දෙනෙකු මෙල්බර්න් වෙත පැමිණ ඇත.

    මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ සී.බී.එස් පුවත්සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා - නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා මෙසේ කියා සිටියේය.

    Latest News