ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ අබුඩාබි හි සිට 44දෙනෙකු, දෝහා සිට 147දෙනෙකු රජයේ විශේෂ අවසරය මත මෙරටට ගෙන්වා ගෙන ඇත.
එමෙන්ම මැදපෙරදිග රැකියාව සදහා ගොස් විවිධ ගැටළුවලට මුහුණ දී මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ලාංකිකයින් 290දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
එම සියලුම මගීන් ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.