මහනුවර පාසල් 42ක් අද යළි ඇරඹේ

දෙසැ 14, 2020

    කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    නමුත්, නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙයි.

    මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන 'කොවිඩ් -19' ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45ක අධ්‍යයන කටයුතු පසුගිය සතිය තුළ නතර කෙරිණ.

    මේ වනවිට මහනුවර ප්‍රදේශයේ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව පාසල් 42ක් අද දිනයේ සිට විවෘත කිරීමට තීරණය කළ බව ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේය.

    Latest News