බ්‍රහස්පති - සෙනසුරු දුර්ලභ ග්‍රහ පෙළගැස්ම දෙසැ. 21 දා

දෙසැ 20, 2020

    බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහයින් දෙදෙනා වන අතර මෙම ග්‍රහ ලෝක දෙක එකට එකතුව තනි තාරකාවක් ලෙස දිස්වන විරල සිදුවීමක් සෑම වසර 20කට වරක් සිදුවෙයි.

    අප වෙසෙන පෘඨිවිය හා ග්‍රහලෝක දෙක ඒක‍ රේඛීයව පිහිටීමෙන් ඇතිවන මෙම දර්ශනය මහා සංයෝජනය ලෙස හැඳින්වෙන අතර අපට දිස්වෙන කෝණීය දුර ප්‍රමාණය ඒ ඒ වර්ෂවල දී වෙනස් අගයන් ගනී.

    2000 වසරේ මැයි 31 වැනිදා සිදුවූ ආසන්නතම මෙවැනි සිදුවීමේ කෝණික දුර අංශක 1.2කි. නමුත්,මෙවර එම දුර ප්‍රමාණය අංශක 0.1ක් තරම් සමීප අගයක් ගැනීම විශේෂත්වයක් වන අතර එම අවස්ථාව චන්ද්‍රයා පෘථිවයේ සිට අපට දිස්වන විශ්කම්බයෙහි කෝණික අගයෙන් 5න් 1ක් තරම් වෙයි. මීට පෙර මෙවැනි සමීපවීමේ අවස්ථාවකට බ්‍රහස්පති හා සෙනසුරුගේ පැමිණීම සිදුව ඇත්තේ, 1623 වසරේ ජුලි 15 වැනිදා වන අතර නැවත මෙවැනි කෝණික සමීපවීමක් අපට දිස්වන්නේ තවත් වසර 60කින් වන අතර එනම් 2080 වසරේ මාර්තු 15 වැනිදායි.

    1

     

    වසර 397කට පසු සිදුවෙන මෙම විශේෂ සිදුවීම 21 දා සවස 7 පමණ සිට රාත්‍රී 8.20 පමණ දක්වා ක්ෂිතිජයට අංශක 20ක් පමණ බටහිර හා නිරිතදිග දිශා‍වන් අතර දර්ශනය වන අතර මෙම අවස්ථාව පර්යේෂණ මට්ටමින් නිරීක්ෂණය කිරීම ආතර් සී ක්ලාක් ආයතනය මගින් සිදුකරන අතර කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙවර මහජන සැසියක් නොපැවැත්වෙයි.


    මෙහි වැඩිදුර විස්තර ආතර් සී ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

    Last modified on ඉරිදා, 20 දෙසැම්බර් 2020 11:24

    Latest News